Tuesday, September 17, 2019

සීගිරිය


කීර්තිමත් ඓතිහාසික සීගිරිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjrqFg35updG2Ls2lLQS9G2_svr8W8BBpx6Membxr5X0vEey6BOlsjPM1tP97c8_goKQ5qVaPWmWJ1XNrgJW8qSW0DnqTGm0DXPi0TsEI1AN5Bi2Vm17zc3-wlmqLJ0JuOWrLGYRTNcTM8/s640/z_jun-p10-Sigiriya.jpg
ක්රි ..455-473 දක්වා අනුරාධපුරයේ රජ කල ධාතුසේන රජුගේ දෙවන පෙල බිසවකගේ පුත්රයා වූ කාශ්යප වන විට තම මෑණියන් කෲර ලෙස මරා දැමූ මවගේ සහෝදරයා වූ රජුගෙන් පලි ගැනීමට මාන බලමින් සිටි රජුගේ සේනපති හා දියණියගේ සැමියා වූ මිගාර සමග එක්ව කුමන්ත්රණය කර ධාතුසේන රජු සිර කොට ක්රි.. 473 දී රජ විය. ඔටුන්න හිමි මුගලන් කුමරු දකුණු ඉන්දියවට පැන ගියේය. කශ්යප සිය පියා කලා වැවේ තාවුල්ලේ හිටුවා පස් ගසා මරා දමා ලක් ඉතිහාසයේ පළමුවැනි පීතෘ ඝාතක රජු බවට පත් විය. එම දුගඳ හමන අතීතය හිමි වූ කාශ්යප රජු ලොවට දායාද කල සීගිරිය සදා සුවඳ විහිදුවමින් අමරණීය සිහිවටනයක්ව පවතින්නේ . මෙය මුගලන් හා යුද වැදීමට තැනූ බල කොටුවක් ලෙස ඇතැමුන් විශ්වාස කළද එය පිළිගත නොහැක්කේ තම වසර දහ අටක රාජ් කාලයෙන් පසු තම සොයුරා දකුණු ඉන්දීය යුද බල ඇණියක් සමග පැමිණෙන විට මොහු සැතපුම් නවයක් සටන් කිරීම සඳහා ඉදිරියට යෑම මතය. එහිදී මඩ වගුරක් දැක රජු ඇතු පිටු පසට ගනු දුටු රජුගේ සේනාව රජු පසු බසිතැයි සිතා හිස් ලූ ලූ අත දිව ගියහ. යුද බිමෙහි තනි වූ කාශ්යප ක්රි.. 491 දි සියතින් ගෙල සිද මිය ගියේය පියාණන්ගේ මරණින් පසු ගැන පසුතැවිලි වෙමින් බොහෝ පින්කම් කළ සීගිරි කාශ්යපයන් කුවේර නම් යක්ශපතිගේ තේජසින් යුත් බව පෙන්වීමට ඔහුගේ ආලකමන්දාවට සමාන මාලිගා සන්කීර්ණයක් සීගිරියේ ගොඩ නැංවී දැයි සිතිය හැක.

සීගිරි පර්වතය 

අග්නි දිග ආසියාවේ ප්රථම උද්යාන  නගර සංකීර්ණය වන සීගිරිය ලෝකයේ පැරණිතම උයනයි. පොලෝ මට්ටමේ සිට මීටර 200 පමණ උස්වූ තුරුලියෙන් වැසීගිය සීගිරි පර්වතයට මෙම නම ලැබී ඇත්තේ සිංහයකුගේ අයාගය ගත් මුඛයක් ලෙස පර්වතයට පිවිසෙන පියගැට පෙල අසල සකසා තිබූ හෙයිනි. ක්රි.පූ 5 වන සියවසේ සිගිරි කාශ්යප මෙහි බලකොටුවක් තැනීමට පෙර ක්රි.පූ මුල් සියවස්වල සිට මෙහි භාවනානුයෝගි 
භික්ෂූන්ගේ වසස්ථානක් විය. පසු කාලයේ මෙහි භාවනායෝගි භික්ෂූන් වසය කළහ. කොළඹ සිට තිමලේ පාරේ කි.මී 175 ගිය තැන ඉනාමලුව හන්දියෙන් හැරී කි. මි 11 ගමන්ගත් විට ඉංජිනේරු තාක්ෂණයේ විශිෂ්ටත්වය පෙන්වන මෙම විශිෂ්ඨ නිර්මාණය දැකිය හැක. මෙය ලොව අටවන පුදුමය ලෙස නම් කිරීමට යෝජනා කරඇත. මෙය ලෝක උරුමයක් ලෙස නම්කර ඇත.


ජල උද්යානය



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjM1xWbF7xLCCyNZsuyvgB_ATx7xUo5HjDmYApIzXrTvwqK7_453q-dBlT2A4h12EO0WbYGvvEuJ295TEeggGG7u3-tFtYdWqSU8yDtflqyZErFyuq-y6yfv-mFFaQt8BG7w23fctM2YV8/s320/Water_Garden%252C_Sigiriya%252C_Sri_Lanka_-_panoramio_%25285%2529.jpg



ඉංජිනේරු ශිල්පයේ විශිෂ්ටත්වය දක්වන  සීගිරියේ වාරි තාක්ෂණය හා ජල කළමනාකරණය පුදුම සහගතය. සමතලා බිමේ සිට සිගිරි ගල මුදුනට ජලය ගෙනයාම එය එහි රැදවීම විශ්මය ජනකය.ඒ සියල්ලටම වඩා පර්වතය තරනය කීරිමට පෙර හමුවන පිවිසුම් මාර්ගයේ මුල්කොටසේ තනා ඇති ජල උද්‍යාන විශිෂ්ඨය. මාර්ගය දෙපස සමමිතික බාවය රෙක ගනිමින් සමාන නිර්මාණයන්ගෙන් අලංකාරව ඇත.මෙහි ඇති ජල මල් වර්ථමානයේ ද ක්‍රියාත්මකව පවතී.තවද ජල උද්‍යනයේ ඉංග්‍රිසි L හැඩයේ ජල තටාක 2 ක් හා තවත් ජල තටාක 2 ක් පිහිටා ඇත.



ශිලා උද්‍යානය.



ජල උද්‍යානයට ඔබ්බෙන් ශිලා උදයානය පිහිටා ඇත. මෙම අද්විතිය නිර්මාණ කරණ්යේදී නිර්මාණකරු ස්වභාවධර්මය අභිබවා යෑමට උත්සාහ කර නැත. ස්වාභාවිකව පිහිටි ගල් කුළුණු ඒ ආකාරයෙන්ම තබා ගනිමින් මෙහි ගොඩනැගිලි හා උද්‍යාන කරණයේදී සුන්දරත්වය මතුකර ඇත. මෙහි විශිෂ්ඨත්වයද එයමය. ශිතල මාලිගය මෙම ප්‍රදේශයේ පිහිටා තිබී ඇතිබව සාක්ෂි හමුවී ඇත.



පිවිසුම් මග


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwMwX3sLs3cCfOFsF1qxT4m5GINRG1Rr1LTG32OqghzaedEUVY5fisnZ4At8MHjCKf7YR5AVu1qwAlrOjFoqQiK-7dRn3lGBaP10t-OBUj_y6IX5CnQzn695iXiS_Aq_N54MA33LnhFsI/s400/Sigiriya-Rock-Lion-Rock-Sri-Lanka-Pidurangala-6.jpg



සීගිරිය ස්වභාවිකත්වයට මුල්තන දුන් නිමාණයකි. එහි වූ ගල් පර්වත උපයෝගී කර ඒවාට ගඩොල් ඔබ්බවා  ශක්තිමත් ලෙස ගොඩනැගිලි ඉදිකල බවට සධක හමුවේ. විශාල  ගල්කුළු අතර ඇති පටුබෙන තුලින් පියගැට පෙල ඉදිකොට මෙහි සුන්දරත්වය තවත් වැඩිකර ඇත.



නයිපෙන ගුහාව


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJytGAZmL0dcq1O3bVU2DB1glsximljQL80Cqx_qa45-_fGn49WPzXtMT87ZiYiIyLK6grTHAtAV_Cfpvl1DEZh6VfrqHu496yq-CGV2Q6A0UuU4rIkpZXIoapsOn9vNzSXekxxULY2ks/s320/snake.jpg



පෙනය පුප්පා සිටින නාගයකුගේ පෙනයට සමාන හැඩහුරුක්ම් ගත් විශාල ගල්කුලක් පාදමයේ නයි පෙනගුහාව පිහිටා ඇත. මෙහි වශාල වශයෙන් සිතුවම් ඇද  තිබූ බවට සාක්ෂි ඉතිරි කරමින් වියන් චිත්‍ර කිහිපයක්  අදටත් ඉතිරිව පවතී. ගල් බින්දුව පලාපෙති නෙලුම් මලින් අලංකාර ලෙස ඇති අතර අදටත් එය එසේමය. මෙය විහාර ගෙයක් ලෙස භාවිතා කර ඇති බව පුරාවිද්‍යාඥගේ මතය.



චිත් ලතා ගුහාව හා දැරණියගල ගුහාව.



ගල් පොකොණු පිහිටි තැන ඇති චිත්‍රලතා ගුහාවෙහි ලියකම් හා බුදුරුවක සිත්තමක් වේ. මෙය කාශ්‍යපගේ යුගයට පෙර කරන ලද්දක් බව ඇතැමුන්ගේ මතයයි. එකල මෙම කොටසේ ආරාමයක් පැවතියේ යැයි විස්වාසය කලේය.මෙහි මෙම ච්ත්‍ර මත බදාම අතුරා කළු පාටට හුරු වර්ණ යොදා රේඛා ආකාරයෙන් දේව රූප වැනි චිත්‍රද ඇද ඇත. නයිපෙන ගුහාවට නුදුරින් බෙහෙවින් විනාශ වූ සිත්තම් ඇති දැරණියගල ගුහාව පිහිටා ඇත.



දිය අගල සහ පවුර



සීගිරිය වටා විශාල ගැඹුරු දිය අගලක් ඇති අතර මෙහි කිඹුලන් සිටි බවට විශ්වාසය කෙරේ. මෙය ආරක්ෂාව සදහා තැනූවකි. දිය අගල පසුව පර්වතය වටා පුළුල් ප්‍රාකාරයක් ගොඩ නගා ඇති අතර එහි නැන තැන මුර කුටි තිබූබවට විශ්වාසය කෙරේ .මෙම පවුරේ අශ්ව කරත්තයක් ගමන් කිරීමට හැකි තරම් පුළුල් ලෙස පිහිටා ඇත.



සීගිරි බිතු සිතුවම්.



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCs2MsWc11JZdFnDzfSMt8f5FASvhwu72f_IzDGzEFNstuaOD0Pn4_fBQjuMhl9sTx30_HR_cXQYx7lOqXHiJf3z4OnKa9mxqGNJh43F1JI5NXLnNzdwrLCX-cWI_bZAf3XIgzqmRAP1g/s400/sigiriya-6-sri-lanka.jpg


බෙහෙවින් මැකීගිය සිත්තමක් සමග අදට ඉහල ගුහාවේ සිතුවම් 22 ඉතිරිව පවතී. මේ සියල්ලම රූමත් තරුන ලලනාවන්ගේ උඩුකය නිරූපණය වන අතර ජෝඩු සිත්තම් 5 ක් වේ. මේ සියලු රූප සමාන ලෙස පෙනෙනුද සෑම රුවක්ම එකින් එකකට වෙනස් වේ. මුල්කල මෙවන් සිත්තම් 500 කට අදිකව  තිබූ බව කැටපත් පව්රේ ඇති සමහර කවිවලින් පෙනේ. සිගිරි පව්රේ බටහිර පව්රේද මෙසේ චිත්‍ර තිබූ බවට බදාම කැබලි සාක්ෂි දරයි. මෙම ලලනාවන් කාශ්‍යපයන්ගේ බිසෝවරුන් හා සේවිකාවන් ලෙස නම්කළ හැක.  මහාචාර්ය පරණවිතාන මහතා පවසන්නේ මෙහි එන රන්වන් පැහැ ලදුන් විදුලියත් , නිල්වන් පැහැ ලදුන් මේඝත් නිරූපණය කරන බවයි. බොහෝ කතුන් පිදුරංගලට මල් පිදීමට යන්නා සේ මල් වැල් හා මල් රැගෙන සිටි. සීගිරියේ සිතුවම් වලට සමාන සිතුවම් අජන්තා ලෙන් වල ඇති බව සොයගෙන ඇත. මෙම චිත්‍ර සදහා රතු කහ කොල , කළු යන වර්ණ යොදා ඇත.



කැටපත් පවුර



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifO17RPk2upAAQdd66ybrVlBlmkvzNOzkhhZxq3WVnWVQojzZFLwiQ8rpvw7l-Jl4-GXAuJrHMFmdVWmMQ3b1ykAvH4KFZSzTkjsrFlX6heC4XJ9J6QgV0NEVLVt0u2zsKIoY5vH5VH50/s400/BTI30274_fmt.jpg


සීගිරි පවුරේ පටු මගක එක්පසක කැඩපතක් මෙන් මනාව ඔපමට්ටම් කරන ලද පවුර තවත් විශේෂ නිර්මාණයක් වේ. කාශ්‍යපයන්ගේ යුගයට පසු මෙම විශාල පර්වතයට නැගී ජනයා සිගිරී අප්සරාවියන් දැක තම හදවතේ උපන් හැගුමන් මෙහි රචනා කොට ඇත. සියවස් ගණනාවක් තිස්සේ පොදු ජනයා අතින් ලියවුණු නිදහස් කවිකාර සිතුවිලි ඒ ඒ යුගවල භාෂා විකාශනය හා ජනයා තුළ වූ සාහිත්‍ය දැනීම මනාව පෙන්වන කැඩපතකි. මෙහි ලියවනු සටහන් කුරුටු ගී නමින් හැදින් වේ. සෙනෙරත් පරණවිතාන මහතා මෙම කුරුටු ගීත 685 පමණ කියවා අර්ථ දක්වා ඇත.



රාජසභා මණ්ඩපය.



මෙය නයිපෙන ගුහාවට නැගෙනහිරින් පිහිටා ඇත. මනාව සමතලා වන සේ සැකසූ විශාල ගල් තලයක් මත මෘදුලෙස කැටයම්කල අලංකාර සිංහාසනය පිහිටුවා ඇත. මෙය රජු එලිමහන් තම ඇමතිවරු සමග රැස්වීම් පැවැත්වූ ස්ථානයක් ලෙස සැලකේ.



සිංහ පාදය


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgk3aap9LFyfwLo_Hs3V8IEJEIw3UGDTPie1s_2mzcNhbMxAQ4djuZQqNrMboB25oAJr7PIZfzya8a4AL8T7de5UKh-cveyVvQ_8UuQBU_KU7PDW9-ae9WHdu0Q6IjjFNZLDruU1mD9z6U/s400/maxresdefault.jpg



සීගිරි පර්වථය මස්තකයේ පිහිටි මනරම් මාලිගයට පිවිසීම සදහා  ගිරිශිකරය අතරින් වැටි පියගැට පෙල ආරම්භයේ පියගැට පෙල දෙපස දැවැන්ත සිංහ පාද දෙකක් ගලින් නෙලා ඇත. H.C.P බෙල් මහතාගේ වාර්ථා වලට අනුව මුල්කල පාද යුගල පමණක් නොව පියගැටපෙලට ඉහලින් දැවැන්ත සිංහ මුහුනද කලුගල් තලයේ නිර්මාණයකර තිබූ බවට විශ්වාස කෙරේ. සිංහයාගේ අයාගස් මුවතුලට සිංහයාගේ දිව ඔස්සේ ගමන් ගන්නා සේ පියගැට පෙල නිමවා ඇත. සීගිරියට මේ නම ලැබී ඇත්තේ ද මෙම දැවැන්ත සිංහ රූපය නිසාවෙනි.



රජ මාලිගය හා ජල තටාකය


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhyGFucneoBxoadJZE0xMmKvmijNYpaqhTZXTjxhRBdcWG5GHW-kKaJijOt4xGpJtoId40hFsGVsVtHTIQ6HZvjMvfPRNfAZhqzHrNRkQdFkajRq9siyWWGcJtXD2VRwHZ1aYcNdaiVntE/s400/sigiriya-plateau-4.jpg



සීගිරියේ විහාර , රැස්වීම්ශාලා අධිකරණ ශාලා විනෝද උයන් ප්රභූවරුන් වරුන් සදහා අන්තක්පුර කාන්තාවන් සදහා වාසස්ථාන හා රජුගේ පරිහර්නය සදහා වූ එක් එක් කාල සදහා ගැලපෙන මාලිගා තැන නැන දැකිය හැකිය. මින් විශ්ෂ්ඨතම නිර්මාණය වනුයේ පවුර මුදුනේ අක්කර 3.5 භූමිය වසාගත් මාලිගාවය. සනීපාරක්ශක ක්‍රම ඉහලට ජලය ලබා දී ඇති ආකාරය හා මේ තරම් විශාල ගොඩනැගිල්ලක් එහි පිහිට වූ ආකාරයද විශ්මය ජනකය. මෙහි නිදන කාමර, ශාලා , එළිමහන් වේදිකා හා අලංකාර ගල්සිංහාසන සහිත සහිත රැගුම්ශාලා දැකිය හැකිය. ගලින් කරන ලද දැවැන්ත පඩිපෙලවල් අලංකාරලෙස සිලිටු කර ඇත. මෙහි විශාල ජල තටාකයක්ද දක්නට ඇත මේ සදහා විශාල ජල කදක් ඉහල ලබාගත් ආකාරය පිලිබදව සිතා ගැනීමට අසීරුවේ මන්ද මෙම දැවැන්ත නිර්මාණය ශිලා උද්‍යානයේ සිට මීටර් 165 උස්ව පිහිටා ඇතිනිසාය. මෙය තාවමත් සොයාගත නොහැකි වූ සීගිරියේ ඇති වාරි තාක්ෂණයයි.



No comments:

Post a Comment

මුදල් විනිමය හා කාසි

ශ් ‍ රී ලංකාවේ මුදල් ඉතිහාසය ශ් ‍ රී ලංකාව යනු දීර්ඝ හා ස්වයංපෝෂිත ආර්ථික ඉතිහාසයක් සතු රටකි . එය පිළිබඳව අධ් ‍ ය...