Monday, September 16, 2019

ඓතිහාසික යුග


ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය


මානව ජනාවාසකරණයෙන් පසුව ශ්රී ලංකාවේ පුරාතන ඉතිහාසය දක්වා වූ ශ්රී ලංකාවේ ප්රාග් ඉතිහාසය මෙම ලිපියෙන් ආවරණය කරනු ලබන අතර, එය තුලින් පුරාශිලා, මධ්යශිලා සහ ආදි යකඩ යුගය යන්නන් ආවරණය කරයි.

ශිලා යුගය
පුරාශිලා යුගය

පැරණි ගල් ගුහා පිළිබඳව තොරතුරු විශ්ලේෂණයේ දී පහතරට තෙත් කලාපයේ බුලත්සිංහල අසල පිහිටි ෆාහියන් ලෙනෙ තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිය. කුරුවිට අසල පිහිටි බටදොඹ ලෙන, කිතුල්ගල පිහිටි බෙලි ලෙන, කෑගල්ල අසල පිහිටි අත්තනගල්ලේ අළු ලෙන ආදී ස්ථාන මිසෝලිතික යුගයට අයත් පැරණි ගල් ලෙන් වලට උදාහරණ කිහිපයක් වේ. මෙම තොරතුරු ඇඹිලිපිටියේ බෙල්ලන් බැඳි පැලස්ස,ෆාහියන් ලෙන, කැනීම් වලදී එහි දියුණු මානවයන් ජීවත් වූ බවට සාක්ෂී සොයාගෙන ඇත. එමෙන්ම බටදොඹ ලෙන, බෙලි ලෙන, බෙල්ලන් බැඳි පැලැස්ස ආදී ස්ථාන වලින්ද තවත් සාක්ෂි ලැබී ඇත. මෙම ලෙන්වල ජීවත් වූ දියුණු මානවයා බලංගොඩ මානවයා ලෙස හැඳින්වේ. කැනීම් වලින් සොයා ගත් ඇට කැබලි මගින් මෙම පිරිමි මානවයෙක් සෙ.මි. 174 , ගැහැණියක සෙ.මී. 166 කද උසකින් යුක්ත බවද, මොවුන් දැඩි සිරුරු වලින් හෙබි ඉතා ශක්තිමත් මිනිස් කොට්ඨාශයක් බවත් සොයාගෙන ඇත. මෙම බලංගොඩ මානවයා ලංකාවේ විවිධ ස්ථානවල කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වී ඇත. හෝර්ටන් තැන්න , මන්නාරම , විල්පත්තු , සබරගමු වැසි වනාන්තර මොවුන් ජීවත් වූ ස්ථාන ලෙස හඳුනාගෙන ඇත. මොවුන්ගේ ජීවන චර්යාව දැනට ලංකාවේ ජීවත් වන වැද්දන්ගේ ජීවන චර්යාවට සමාන බවද සැලකේ. බලංගොඩ මානවයා විවිධ ආකාරයේ ආයුධ භාවිතා කළ බවත්, ඔවුන් අනුසාරයෙන් දඩයම් කරගෙන තම ආහාර ලබා ගත් බවටත් තොරතුරු පවතී.




මහනුවර යුගය (ක්රි. . 1474 – 1815)
සිංහල රාජතන්ත්රයේ අවසාන අගනුවර මහනුවර වේ. ක්රි..1474 දී පමණ ඇරඹි මහනුවර රාජධානිය, 1815 මාර්තු 2 දින "උඩරට ගිවිසුම" මඟින් ලංකාවේ ස්වෛරීත්වය ඉංග්රීසීන් වෙත පවරා දෙන තුරු ස්වාධීන රාජ්යක් ලෙස පැවතුණි. 16 වන සියවසේ සිට 18 වැනි සියවස දක්වා කාලය තුළ ශ්රී ලංකාවේ මුහුදුබඩ ප්රදේශ අත්පත් කරගෙන සිටි පෘතුගීසි හා ලන්දේසි පාලන සමයන් මහනුවර යුගය තුළ දැකගත හැකි විය. "සිංහලේ" හෙවත් කන්ද උඩරට රාජධානියේ භාවිතා වූ මුදල් වර්ග කිහිපයක් ගැන අපේ ඓතිහාසික ලේඛන වල සඳහන්.

පෘතුගීසි යුගය (1505–1658)

1505 වසරේ ඉන්දියානු පෘතුගීසි රාජ්යයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේ ලොරෙන්සෝ අල්මේදා ගේ පුත්රයා වූ දොන් ෆ්රැන්සිකෝ අල්මේදා . සාමාන්යයෙන් පිළිගැනෙන්නේ  ලොරෙන්සෝ අල්මේදා ඇතුලු පිරිස මුස්ලිම් නෞකාවන් කොල්ලකමින්, ලුහුබඳිමින් සිටි අවස්ථාවක කුණාටුවකට හසුවී ශ්රී ලංකාවේ ගාලු පුරවරය ආසන්නයට ගසාගෙන පැමිණි බවයි. කෙසේ වෙතත් මෙවැනි හුදු අහම්බයකින් පමණක් සශ්රීක වෙළෙඳ මධ්යස්ථනයක් පැවැති ශ්රී ලංකාව වෙත පෘතුගීසීන් ගේ සූක්ෂම අවධානය යොමු වූ බව සිතීම තරමක් අපහසු පරංගීන් මෙරට මුහුදුබඩ පළාත් සිය අණසකට නතුකර ගැනීමත් සමඟ ක්රි.. 1506-1658 කාලයේ කාසි වර්ග කිහිපයක් නිකුත් කර තිබෙනු දක්නට පුළුවන්.


ලන්දේසි යුගය (1658–1796)
ක්රි.. 1658 ලන්දේසින් විසින් පෘතුගීසින් පලවා හැර ශ්රී ලංකාවේ මුහුදුබඩ ප්රදේශ සිය පාලනයට නතු කරගන්නා ලදී. ප්රථමයෙන්ම මඩකලපුව (1638), දෙවනුව ගාල්ල (1640), 1656 දී කොළඹ හා අවසානයේ යාපනයද (1658) ඔවුන් විසින් සිය පාලනයට නතු කරගන්නා ලදී. 1638 දී මඩකලපුවෙහි පෘතුගීසි කොටුව යටත් කරගැනීමෙන් පසු ලන්දේසින් දෙවන රාජසිංහ රජු (1635 – 1687) සමඟ ගිවිසුමක් ඇතිකර ගෙන ඇත. එහි 14 වැනි වගන්තියේ මුදල් භාවිතය පිළිබඳ රෙගුලාසි රැසක් ඇතුළත් විය. අනුව රජතුමා විසින් හෝ ඕලන්ද ආණ්ඩුව විසින් හෝ පත් නොකළ කිසිදු අයකුට කාසි අච්චු ගැසීම, සෑදීම, ප්රචාරය කිරීම හෝ කාසි අනුව බාල කාසි සෑදීම හෝ සංසරණයට මුදා හැරීම තහනම් කර ඇත.


බ්රිතාන්යය යුගය (1796–1948)

ප්රංශ විප්ලවය, ප්රධාන යුරෝපානු රටවල් අතර විශාල අරගලයක් නිර්මාණය කිරීමට සමත් වූ අතර 1796 දී පහසුවෙන් ශ්රි ලංකාව තුළ ලන්දේසි බලය අභිබවා ගිය බ්රිතාන්යයන් 1815 දී මහනුවර රාජධානියේ පාලනය සියතට ගන්නා ලදී. මේ අනුව ඔවුන් මුළු දිවයිනම පලනය කළ ප්රථම යුරෝපානු රට වූයේය. ශ්රී ලංකාව 1802 දී කිරීටයට යටත් රාජ්යයක් වූ අතර 1818 දී දිවයිනට එකීය පාලනාධිකරියක් පත්කිරීමට පියවර ගනු ලැබීය.

No comments:

Post a Comment

මුදල් විනිමය හා කාසි

ශ් ‍ රී ලංකාවේ මුදල් ඉතිහාසය ශ් ‍ රී ලංකාව යනු දීර්ඝ හා ස්වයංපෝෂිත ආර්ථික ඉතිහාසයක් සතු රටකි . එය පිළිබඳව අධ් ‍ ය...