ශ්‍රී ලංකාව
යනු දීර්ඝ හා
ස්වයංපෝෂිත ආර්ථික ඉතිහාසයක්
සතු රටකි. එය
පිළිබඳව අධ්‍යනය කිරීම අර්ථශාස්ත්‍රඥයින්ට පමණක් නොව
සමාජයේ ඕනෑම කෙනෙකුට
නිසැකවම වැදගත් වනු
ඇත. රටක ඉතිහාසය
අධ්‍යනය කිරීමේදී
එම රටෙහි විවිධ
කාල වකවානු තුළ
භාවිතා කරන ලද කාසි ප්‍රධාන අංගයකි.
ප්‍රමාණයෙන් කුඩා
වුවත් කාසි මත ඇති සළකුණු
හා ඒවා හමුවන
ස්ථාන අනුව රටක
ආර්ථික හා සංස්කෘතික
ඉතිහාසය පිළිබඳව වටිනා
තොරතුරු ලබා දීමේ
හැකියාවක් කාසි වලට
ඇත.
ඒ
පිළිබඳ ව තොරතුරු
සෙල් ලිපි, වංශ
කතා, පැරණි ලිපි
ලේඛන හා වෙනත්
පුරා විද්‍යාත්මක
සාක්ෂි ඔස්සේ ලබාගත
හැකි යි. මේ සාක්ෂි අතර
කාසි සහ සෙල් ලිපිවලට හිමිවන්නේ විශේෂ
ස්ථානයක්. අතීත ශ්‍රී ලංකාවේ
වෙළෙඳ ආර්ථිකය පිළිබඳ
හඳුනාගත හැකි දේශීය
මූලාශ්‍ර වන කාසි සහ
සෙල් ලිපි විශාල
ප්‍රමාණයක් දිවයිනෙහි
නොයෙකුත් ප්‍රදේශවල
විසිරී පවතිනවා. දේශීය
මූලාශ්‍රවලට අමතර
ව ඉහතින් ද
සඳහන් කරන ලද පරිදි දේශාටකයින්ගේ
හා වෙළෙන්දන්ගේ වාර්තාවලින්
ද අතීත ලංකාවේ
වෙළෙඳ ආර්ථිකය පිළිබඳ
කරුණු රැසක් හෙළිදරව්
වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික
ඉතිහාසය පිළිබඳ කතා
පුවත ගොඩ නැංවීමට
මේවායින් ලැබෙන්නේ ඉමහත් පිටිවහලක්.
අනුරාධපුර
යුගය
පොළොන්නරු
රාජධානි සමයේ සිට
කෝට්ටේ රාජධානිය දක්වා
මහනුවර
යුගය
යටත්
විජිත යුගය
පශ්චාත්-නිදහස් අවධිය,
ශ්‍රී ලංකා මහ බැංකුව
පිහිටවූ දා සිට
1950 සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු කාණ්ඩ එකොළහක් නිකුත් කරනු ලැබ ඇත.
රුපියල්
පහ සහ රුපියල්
දෙක නෝට්ටු වෙනුවට
1984 දී රුපියල් පහ
(නිකල්/පිත්තල) සහ
රුපියල් දෙක (තඹ/නිකල්) කාසි
හඳුන්වා දෙන ලදී.
2005 වසරේ දී,
කාසිවල බර සහ ලෝහ මිශ්‍රණය වෙනස්
කරමින් රුපියල් 5 සහ
රුපියල් 2 සඳහා සංසරණය
පිණිස නව කාසි කාණ්ඩයක් මහ බැංකුව
නිකුත් කළේ ය. මේ සමග
ම රුපියල, ශත
50 සහ ශත 25 කාසි
නිකුත් කරන ලද්දේ
ප්‍රමාණය, ලෝහ
මිශ්‍රණය, බර සහ පැහැය
වෙනස් කිරීමෙනි. මෙම
නව කාසි එවකට
සංසරණයේ පැවතුණු කාසි
සමඟ සමගාමී ව
සංසරණය කරන ලදී.
තේමාව
|
වටිනාකම (රුපියල්)
|
වර්ෂය
|
|
1
|
හයවන ජෝර්ජ් රජුගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය
|
1 සහ 10
|
1951
|
2
|
දෙ වන එළිසබෙත් රැජිනගේ රුව සහිත නෝට්ටු කාණ්ඩය
|
1, 2,
5, 10, 50 සහ 100
|
1952
|
3
|
ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය
|
1, 2,
5, 10, 50 සහ 100
|
1956
|
4
|
එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායක රුව ඇතුළත් නෝට්ටු කාණ්ඩය
|
2, 5,
10 ,50 සහ 100
|
1962
|
5
|
පරාක්‍රමබාහු රජුගේ පිළිරුව සහිත කාණ්ඩය
|
2, 5,
10 ,50 සහ 100
|
1965
|
6
|
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය ඇතුළත් නෝට්ටු කාණ්ඩය
|
50 සහ 100
|
1975
|
7
|
සතුන් සහ වෘක්ෂලතා ඇතුළත් නෝට්ටු කාණ්ඩය
|
2, 5,
10, 20 ,50 සහ 100
|
1979
|
8
|
ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක තේමා රැගත් නෝට්ටු කාණ්ඩය
|
5, 10,
20, 50, 100, 500 සහ 1000
|
1981
|
9
|
ඓතිහාසික සහ සංවර්ධනය විදහා දැක්වෙන නෝට්ටු කාණ්ඩය
|
500 සහ 1000
|
1987
|
10
|
ශ්‍රී ලංකාවේ උරුමයන් ඇතුළත් නෝට්ටු කාණ්ඩය
|
10,
20, 50, 100, 500, 1000
|
1991
|
2000
|
2005
|
||
11
|
20,
50, 100, 500, 1000, 2000 සහ 5000
|
2011
|
පළමු බැංකු නෝට්ටුව
|
ලංකාවේ
ලන්දේසි පාලන කාලයේ
අවසන් භාගය වන තෙක් ගනුදෙනු
සඳහා භාවිතයට ගැනුනේ
කාසි. ඒත් 1700 ගණන්
අවසන් වේගෙන එද්දී
ලන්දේසීන් ගේ ආරක්ෂක
වියදම් විශාල ලෙස
ඉහළ ගියා. වියදම
ආදායම ඉක්මවා ගියේ
භාණ්ඩාගාරය සම්පූර්ණයෙන් ම වාගේ හිස් කරමින්.
මුදල් නෝට්ටු භාවිතයට
පදනම දැමුනේ එවන්
පසුබිමක යි.ඒ අනුව 1785 මාර්තු 19 වැනි
දින පතාග 25000 ක්
වටිනා නෝට්ටු අච්චු
ගැසීමට පියවර ගැනුනා.
ලංකාවේ පළමු වැනි
නෝට්ටු කාණ්ඩය 1785 මැයි
10 වැනි දින උපත ලැබුවේ ඒ
අනුවයි. එම පළමු වැනි නෝට්ටු
කාණ්ඩය පතාග 50, 100, 500 සහ
1000 වටිනාකම්වලින් සමන්විත වුණා. ඒත්
පසුව පතාග 1, 2, 3, 4, 5,10 නෝට්ටු
ද අච්චු ගසා
තිබෙනවා. මෙම නෝට්ටු
ආණ්ඩුවේ නිලධාරීන් තිදෙනෙකුගේ
අත්සනින් යුතු වුණා.
කහාපණ
දිවයිනේ
මුලින් ම හඳුනා ගත් ව්‍යවහාර
මුදල් ඒකකය කහපණ
ලෙස සඳහන් කෙරේ.
ඒවා සංස්කෘත භාෂාවෙන්
පුරාණ ලෙස ද ඉංග්‍රීසි බසින් එල්ඩින්ග්ස්
ලෙස ද හැඳින්
වේ. කාසියේ එක්
පැත්තක හෝ දෙපැත්තේ
ම කොටා තිබුණු
සලකුණු හෝ සංකේත
හේතුවෙන් හස්එබු කරන
ලද කාසි වශයෙන්
ඒවා ප්‍රචලිත ව
ඇත. කහපණ නිර්මාණය
කර ඇත්තේ මිටියකින්
තලන ලද තහඩුවකින්
ලෝහ තීරු කැපීමෙන්
ලෙසට සලකනු ලබයි.
මෙම කාසි වටකුරු,
චතුරස්රාකාර, සෘජුකෝණාශ්‍රාකාර හෝ දිගැටි
ආදී විවිධ හැඩවලින්
යුක්ත වේ. ඒවායේ
බර එකිනෙකට සම
කරනු ලැබ ඇත්තේ
කාසියේ මුළු කපා
සකස් කිරීමෙනි. කහපණ
සාදා ඇති ලෝහය
බොහෝදුරට රිදී බවට
සොයා ගෙන ඇත
ස්වස්තික කාසි
ඉහතින් විස්තර කෙරුනු, සලකුණු රැසක් සහිත කහාපණ කාසි විශේෂයට අමතරව අනුරාධපුර සමයේ තවත් කාසි භාවිතයට ගෙන තිබෙනවා. ඇතා සහ ස්වස්තික කාසිය ඒවායින් එකක්. එය කුඩා තඹ කාසියක්. කහාපණ කාසියෙහි වරින් වර සඳහන් වුණු සලකුණුවලින් තෝරාගත් කිහිපයක් එක මුද්‍රාවකට ගෙන අච්චු ගැසීමක් මෙම කාසිය නිර්මාණයේදී සිදුකර ඇති බව දකින්න පුළුවන්.
ඇතා සහ ස්වස්තික කාසිය බෝධිය සහ ස්වස්තිකය බෝධිය සහ ස්වස්තිකය
කාසියේ එක් පැත්තක
ගමන් කරන ආකාරයේ
ඇත් රුවක් ද අඩ සඳ
ලකුණු තුනකින් සැකසූ
දාගැබක් ද ස්වස්තිකයක්
ද සතරැස් කොටුවක්
සහිත අතු තුනකින්
යුත් බෝගසක් ද
දක්නට ලැබෙනවා. අනෙක්
පැත්තේත් ස්වස්තිකයක්, ත්‍රිශූලයක සටහනක්
හා දාගැබක සටහනක්
ඇතුළත්. කෙසේ වෙතත්
මුදල් ඒකකයක් ලෙස
ගත්විට මෙම කාසි
ද කහාපණ වර්ගයට
අයත් කාසි විය
හැකියි.
සිංහ කාසි
මෙම කාසි නිෂ්පාදනය
කර තිබෙන්නේ තඹ
ලෝහයෙන්. කාසියේ එක්
පැත්තක ඇත්තේ සිංහ
රුවක්. අනෙක් පැත්තේ
කුඩා තිත් තුනක්
හෝ හතරක් දක්නට
ලැබෙනවා. එම තිත්වලින්
කාසියේ වටිනාකම දක්වා
ඇති බව අනුමාන
කළ හැකි යි.
කාසියේ විශ්කම්භය අඟල්
1/2 – 3/4 පරාසයක පවතින අතර
බර ග්රේන්ස් 15-40 පමණ
වෙනවා.
සිංහ කාසි
සිංහ කාසි භාවිතා
කර ඇත්තේ ක්‍රි.ව. 3 - 4 සියවස්වලයි. අනුරාධපුර කැණීම්වලදීත් උතුරු
පළාතේ කැණීම්වලදීත් මෙම
වර්ගයට අයත් කාසි
සොයාගැනීමට හැකිවී තිබෙනවා.
ලක්ෂ්මී දේවිය ඵලක
ක්‍රි.පූ. 3 - ක්‍රි.ව. 8 වැනි
සියවස තරම් ඈත කාලයේ යි
කාන්තාවකගේ රූපයක් සහිත
කාසි ප්‍රථම වරට ලංකාවේ
සංසරණය වී තිබෙන්නේ.
කාසිවල මුහුණත සිටින
කාන්තාව ලක්ෂ්මී දේවිය
ලෙසයි සැලකෙන්නේ. එම
නිසා මෙම කාසි
ලක්ෂ්මී තහඩු කාසි
ලෙසින් හැඳින්වෙනවා. මෙම
කාසි දෙයාකාරයකින් නිෂ්පාදනය
කර ඇති බව දකින්න පුළුවන්.
ඒ වාත්තුකර හා
තඹ තහඩු මත අච්චු ගැසූ
ආකාරයෙන්. කාසිය විවිධ
ප්‍රමාණවලින් යුක්තවූ
බවකුයි දක්නට ලැබෙන්නේ.
ඒ අනුව වාත්තු
කළ වර්ගයට අයත්
කාසියක දිග අඟල්
1 ¼ ක් සහ පළල අඟල්
ඃ ක් පමණ වෙනවා. කාසි
නිෂ්පාදනයේ දී සියයට
60ක් පමණ ඊයම්
ද සියයට 15ක්
පමණ තඹ ද මුසු කොට
තිබෙනවා.
ලක්ෂ්මී දේවිය ඵලක
නෙළුම් මලක් මත
සිටින ලක්ෂ්මී දේවිය,
මල දෙපසින් පැන
නැගි නෙළුම් දඬු
දෙකක් දෑතින්
අල්ලාගෙන සිටින සැටිත්,
උරහිස දක්වා නැගෙන
එම දඬු දෙකෙහි
පිපුන නෙළුම් මල්
දෙකක් මත හොඬයෙන්
පැන් කළයක් බැගින්
ගෙන සිටින ඇතුන්
දෙදෙනෙකු විසින් ඇය
ජලයෙන් ස්නානය කරවන
ආකාරයත් දැක්වෙනවා. කාසියෙහි
අනෙක් පස ස්වස්තික
ලකුණ ද ඇතැම් කාසිවල ස්වස්තික
ලකුණ දෙපස ගොනෙකුගේ
සහ පැන් කළයක
රූප ද දක්නට ලැබෙනවා. මෙම වර්ගයට
අයත් සමහරක් කාසිවල
ලක්ෂ්මී දේවිය දැක්වෙන්නේ නෙළුම්
මලක් මත වාඩිවී
සිටින ආකාරයෙන්.
අනුරාධපුරය, යාපනයේ වල්ලිපුරම්,
තිරුකේතිසුවරම් සහ කන්දරෝදෛ,
මන්නාරම, මුලතිවු, හලාවත, තිස්සමහාරාමය
ආදී විවිධ ප්‍රදේශවලින් මෙම ලක්ෂ්මී
තහඩු කාසි සොයා
ගැනීමට හැකි වී තිබෙනවා.
රන් කහවණු කාසි හෙවත් ලංකේශ්වර කාසි
ක්‍රිස්තු
වර්ෂ 7 වන සියවසේ
සිට 8 වන සියවස
දක්වා කාලයේදී පමණ
දිවයිනේ සිංහලයන් විසින්
නිෂ්පාදනය කරන ලද
“කහවනු” නමින් හැඳින්වෙන
රන් කාසි වර්ගයක්
සංසරණයේ පැවතුනි. ඒවා
රන් ලෝහයෙන් හා
රන් ආලේපිතකොට නිපදවා
තිබුණු අතර වටිනාකම
අනුව කහවණුව, අඩකහවණුව,
දෙ අක හා අක
කහවනු
වශයෙන් භාවිතයට ගෙන තිබෙනවා.
කාසියේ මුහුණත නෙලූම්
දඬුවක් මත සිටුනා
රුවකි. එම රූපය දෝ්තියක් වැනි ඇඳුමක්
ඇඳ සිටින බවක්
දක්නට ලැබෙනවා. උඩුකුරු
කොටගත් වම් අතින්
මුහුණ දෙසට යම්
දෙයක් ඇලකොට අල්ලා
සිටිනවා. ඇතැමෙක් අදහස් කරන්නේ
කාසියේ මුහුණත ධනයට
අධිපති යැයි සැලකෙන
කුවේරගේ රූපය ද අනෙක් පස
සංඛ හා පද්ම රුව ද
සඳහන්වන බව යි.මේ පිළිබඳව
විවිධ මත පවතිනවා.
කෙසේ වෙතත් කහවණුවේ
මුහුණත සහ පිටුපස
රූපවල වමතින් අල්ලා
ගෙන සිටින ද්‍රව්‍ය
අනුව එම කාසි වර්ග කිහිපයකට
බෙදා දක්වන්න පුළුවන්.
ඒ; ඉර සහ සඳ, කුසලාන,
නෙළුම් මල සහ අඩ සඳ,
පිච්ච කැකුළ සහ
නෙළුම් මල, ගෝලය
සහ වළල්ල, පිච්ච
මල සහ හක් ගෙඩිය ලෙස
යි.
අනුරාධපුරයට රට කාසි
අතීත ශ්‍රී
ලංකාව නාවුක මධ්‍යස්ථානයක් ලෙස හිමිකරගෙන
සිටි ස්ථානය පිළිබඳව
අනුරාධපුර රාජධානි සමයේ භාවිතයට
ගෙන ඇති විදේශ
කාසි ද සාක්ෂි
දරනවා. එසේ ජාත්‍යන්තර වෙළඳාමේ
දී ගනුදෙනු සඳහා
යොදාගත් ග්‍රීක, රෝම, චීන,
අරාබි සහ ඉන්දියානු
කාසි රැසක් අනුරාධපුර,
මිහින්තලේ, සීගිරිය, කුරුණෑගල, මාතර,
අකුරුගොඩ සහ බදුල්ල
යන ප්‍රදේශවලින්
සොයා ගෙන තිබෙනවා.
ඉන්දු-ග්‍රීක කාසිය කුෂාන් කාසිය පල්ලව
කාසිය
සැසේනියන් ශපූර් කාසිය
රෝම කාසි
තඹවලින්
නිෂ්පාදිත රෝම කාසි
වර්ග කිහිපයක් අප
රටේ භාවිතාකර තිබෙනවා. එම
කාසි අච්චුගසා තිබෙන්නේ
රෝමයේ. දිවයිනේ නොයෙකුත්
පළාත්වලින් මෙම කාසි
සොයාගැනීමට හැකිවීමෙන් පැහැදිලි වන්නේ
එම කාසි බහුලව
මෙරට භාවිතයට ගෙන
ඇති බව යි. කාසිවලින් විශාල සංඛ්‍යාවක්
අයත් වන්නේ 4 - 5 වැනි
ශත වර්ෂවලට. එයින්
පැහැදිලි වන්නේ එකල
රෝම අධිරාජ්‍යය
සහ අප රට අතර විශාල
වශයෙන් වෙළෙඳ කටයුතු කෙරී
ඇති බව යි. එමෙන් ම
මෙම කාසි බොහෝ
සෙයින් භාවිතා කිරීමෙන්
ගෙවී ගිය ස්වරූපයක්
දක්නට හැකි යි.
රෝම කාසි - 2
ජාත්‍යන්තර වෙළෙඳාම
මාර්ගයෙන් ලැබුනු රෝම
කාසිවලට අමතරව අප
රටේ ද රෝම කාසි නිෂ්පාදනයකර
තිබෙන බැව් දක්නට
ලැබෙනවා. එවැනි කාසි
විශාල තොගයක් මාතර
නාවිමන ප්‍රදේශයෙන්
හමුවී තිබෙනවා. සිගීරි
හා අනුරාධපුර කැණීම්වලින්
මෙම දෙවර්ගයට ම
එනම් දේශීය වශයෙන්
නිෂ්පාදිත රෝම කාසි
සහ රෝම අධිරාජ්‍යයේ නිෂ්පාදිත
රෝම කාසි සොයාගැනීමට
හැකිවී තිබෙනවා. මෙම
කාසි දෙවර්ගය අතර
දක්නට ලැබෙන ප්‍රධාන වෙනස
වන්නේ රෝමයේ නිෂ්පාදිත
කාසිවල දක්නට ලැබෙන
ඉංග්‍රීසි අකුර
දේශීය වශයෙන් නිෂ්පාදිත
කාසිවල දක්නට නොලැබීම
යි. ඒ වෙනුවට
නොයෙකුත් හැඩයෙන් යුත් ඉරි
කැබලි කාසිවල ඇතුළත්
කොට තිබෙනු දක්නට
පුළුවන්.
චීන කාසි
මෙම
කාසි තඹ හා තඹ බහුල
මිශ්‍ර ලෝහවලින්
සාදා තිබෙනවා. එක්
එක් යුගවල දී
නිෂ්පාදනයකර ඇති කාසි
විවිධ ප්‍රමාණවලින්
යුක්ත යි. වෘත්තාකාර
හැඩයක් ගත් මෙම කාසි මැද
සම චතුරස්රාකාර
කොටුවක්හිදැසක් ලෙස සාදා
තිබෙනවා. එහි පැති
හතරේ චීන රූපාක්ෂරවලින්
චීන අධිරාජ්‍යයාගේ
නම සඳහන්කර තිබෙනු
දැකිය හැකි යි.කාසියේ අනෙක්
පස කිසිදු රූපසටහනක්
හෝ අක්ෂරයක් හෝ
දක්නට නැහැ.
අරාබි කාසි
මෙම කාසි නිෂ්පාදනය
කර තිබෙන්නේ තඹ,
රිදී ආදී ලෝහවලින්.
කාසි වල මුහුණත
අරාබි භාෂාවෙන් අභිධාන
පාඨ සඳහන්කර තිබෙනවා.
කාසියේ අනෙක් පස
ඒවා නිපදවන ලද
වර්ෂය සඳහන්.
පොළොන්නරු රාජධානි සමයේ සිට
කෝට්ටේ රාජධානිය දක්වා
පොළොන්නරුව යුගයේ සිට
කෝට්ටේ යුගය දක්වා
භාවිතා කළ කාසි
මස්ස කාසි
සේතු කාසි
පොළොන්නරු රාජධානි සමයේ සිට
කෝට්ටේ රාජධානිය දක්වා
(ක්‍රි. ව.
1017 - 1597)
පොළොන්නරුව රාජධානි 1017-1070, 1070-1232, දඹදෙනිය 1232-1272, යාපහුව 1272-1293, කුරුණෑගල 1293-1340, ගම්පොළ
1341-1374 සහ කෝට්ටේ (සීතාවක 1521-1593) 1372-1597 යන රාජධානි
මෙම කාලයට අයත්
වේ. ක්‍රි. ව. 1017 – 1070 කාලයේ ලංකාවේ
උතුරු ප්‍රදේශය
පාලනය කරමින් සිටි
චෝල රජවරු ද අනුරාධපුර රාජධානි සමයේ
අවසන් භාගයේ නිකුත්
කරන ලද කහවණුවට
සමාන කාසියක් නිකුත්
කර තිබෙනවා. එහෙත්
එය නිෂ්පාදනය කර
තිබෙන්නේ රළු නිමාවකින්
යුතුව. නිෂ්පාදනය සඳහා
භාවිතා කර තිබෙන්නේ
තඹ. මෙම කාසිවල
දැකිය හැකි සුවිශේෂ
සළකුණක් වුයේ ඒවා
නිකුත්කරන ලද පාලකයන්ගේ
නම් සඳහන්ව තිබීමයි.
එසේ කාසි නිෂ්පාදනයේදී
නම් ඇතුළත් කොට
නිකුත් කරන ලද පළමුවන දේශීය
කාසි වන්නේ මේවායි.
කාසි වල සඳහන් වූ රජවරුන්ගේ නම්:
සහස්සමල්ල
රජෙන්ද්රදේව
පළවන විජයබාහු
ධර්මාශෝක
ලීලාවතී
චෝඩගංග
මස්ස කාසි
චෝල බලය බිඳ
දමමින් රට එක්සේසත්
කළ සහ පොළොන්නරු
රාජධානියේ ආරම්භය සනිටුහන්
කළ පළමුවන
විජයබාහු රජු ද
කහවණු නිකුත් කළා.
ඔහු කාසි නිෂ්පාදනයේ
දී ඒවාට තම නම ඇතුළත්
කළා. ඒ අනුව කාසිවල සිය
නම ඇතුළත් කොට
ඒවා නිකුත් කළ
පළමු සිංහල රජු
වූයේ පළමුවන විජයබාහු
රජතුමා යි. එය හැඳින්වූයේ
මස්ස නමින්.
පොළොන්නරු යුගයේ ආරම්භයේ
සිට දඹදෙණි යුගය
අවසානය දක්වා ම රජුගේ නම
යොදා කාසි නිකුත්
කිරීමේ මේ පිළිවෙත
ක්‍රියාත්මක කෙරුනා.
රජවරුන්ගේ නම් දක්වා
තිබෙන්නේ නාගරී අක්ෂරවලින්.
ඒ අනුව; විජයබාහු
යන්න ශ්‍රී විජයබාහු ලෙසත්, පරාක්‍රමබාහු යන්න
ශ්‍රී පරාක්‍රමබාහු ලෙසත්,
චෝඩගංග යන්න ශ්‍රී චොඩගඟදෙව
ලෙසත්, ලීලාවතී යන්න
ශ්‍රී රාජ ලීලාවතී ලෙසත්, සහස්සමල්ල
යන්න ශ්‍රීමත් සහසමල්ල
ලෙසත්, ධර්මාශෝක යන්න
ශ්‍රී ධර්මාශොකදෙව ලෙසත් බුවනෙකබාහු
යන්න ශ්‍රී භුවනෙකබාහු ලෙසත් සඳහන්. එහෙත් නිශ්ශංකමල්ල
රජුගේ නම සඳහන්
වන්නේ ශ්‍රී කලිගලකේජ ලෙසින්.
විජයබාහු හා පරාක්‍රමබාහු යන
රජවරුන් විසින් නිකුත්
කරන ලද කාසිවල
ඔවුන්ගේ නම කෙටීමේ
දී ඒවා කීවැනි
විජයබාහු රජුගේ කාලයේ,
නැතහොත් කීවැනි පරාක්‍රමබාහු රජුගේ
කාලයේ නිකුත් කරන
ලදදැයි සඳහන් කර
නැහැ. නාගරී අක්ෂරවලින්
නම පමණක් එකම
ආකාරයෙන් සඳහන් කර
තිබෙනවා. එමෙන් ම
ලීලාවතී රැජිණ ද කාල පරිච්ෙඡ්ද
තුනක දී බලයට පත්ව ඇතත්
ඇය විසින් නිකුත්
කරන ලද කාසි ද එම
කාල පරිච්ඡේදවලින් කිනම්
එකක නිකුත්කරන ලද
ඒවා දැයි හඳුනාගැනීමට හැකියාවක් නැහැ.
පොළොන්නරු රාජධානි සමයේ චෝල
රජවරුන් වන පළමු වැනි රාජරාජ
(ක්‍රි.ව.
985 - 1016), පළමු වැනි රාජේන්ද්‍ර (ක්‍රි.ව.
1012 - 1044) හා පළමුවැනි රාජාධිරාජ (ක්‍රි.ව.
1018 - 1054) විසින් නිකුත් කරන
ලද කාසි ද පාණ්ඩ්‍ය රජවරුන් විසින්
නිකුත් කරන ලද කාසි ද
භාවිතයට ගෙන තිබෙනවා.ඊට අමතරව
චීනයේ සුං පෙළපතේ
රජවරුන්ගේ කාසි සහ
අරාබි කාසි ද භාවිතයට ගෙන තිබීමෙන්
පැහැදිලි වෙන්නේ අනුරාධපුර
රාජධානි සමයේ සේ ම පොළොන්නරු රාජධානි
සමයේ ද ලංකාව ජාත්‍යන්තර
වෙළෙඳාමේ යෙදී තිබෙන
බව යි.
දඹදෙනි කාසි / මධ්‍යකාලීන කාසි
කාසි වල සඳහන්
වූ රජවරුන්ගේ නම්:
තුන්වන විජයබාහු
දෙවන පරාක්‍රමබාහු
පලවන බුවනෙකබාහු
සිංහ කාසි – හයවන පරාක්‍රමබාහු
අනුරාධපුර
රාජධානි සමයේ අවසන්
අවධියේ නිෂ්පාදනයක් ලෙස
සැලකෙන රන් කහවණුව
පොළොන්නරු අවධියට පිවිසුනේ
තඹ කාසියක් බවට
පෙරළෙමින්. කොහොම වුනත්,
පොළොන්නරු යුගය ආරම්භයේ
සිට දඹදෙණි යුගය
දක්වා භාවිත කරන
ලද කාසි මධ්‍යකාලීන කාසි
(දඹදෙණි) ලෙස හඳුන්වනු
ලබනවා. දඹදෙණි මස්ස
ලෙස හඳුන්වා ඇත්තේ
පොළොන්නරු රාජධානි සමයේ නිකුත්කරන
ලද මස්ස කාසියම
යි. සිංහල මස්ස
ලෙසින් හඳුන්වන්නේ ද
මෙම කාසියම යි.
මෙම කාසිවල ඇතුළත්
රූප සටහන් අනුරාධපුර
යුගයේ නිකුත් කර
ඇති කාසිවල ඇතුළත්
රූපවලට බෙහෙවින් සමාන
බවක් දක්නට ලැබෙනවා.
කාසියේ එක් පැත්තක
දෝතියක් වැනි ඇඳුමක්
ඇඳගත් මිනිසෙක් දකුණු
පස බලාගෙන සිටින
ආකාරයේ රුවක් සඳහන්.
තඹවලින් සාදන ලද මස්ස කාසියේත්
එම රූප සටහන
ම දක්නට ලැබෙනවා.
කාසියේ අනෙක් පස
ඇත්තේ වාඩිවී සිටින
රූපයක්. ඒවගේ ම කාසියේ දෙපස
ම නොයෙකුත් ආකාරයේ
සලකුණු සහ සංකේත
දක්නට ලැබෙනවා.
සිංහ කාසි
හය වැනි පරාක්‍රමබාහු (ක්‍රි. ව. 1412 – 1467) රජුගේ නම
සඳහන් කාසියෙහි විශේෂත්වයක්
දක්නට ලැබෙනවා. ඒ,
කාසියේ මුහුණත ඇති
සිටගෙන සිටිනා මිනිස්
රූපයට දකුණු පැත්තේ
සිංහ රූපයක් ඇතුළත්
කොට තිබීම යි.
එම කාසි හැඳින්වූයේ
සිංහ කාසි නමින්.
රජවරුන්ගේ නම් ඇතුළත්
කොට නිකුත් කළ
කාසි පෙළෙහි අවසන්
කාසිය වූයේ මෙය යි.
සේතු කාසි
මෙම කාසි නිකුත්
කර තිබෙන්නේ 13 වැනි
සියවසේ දී පමණ යාපනය ප්‍රදේශයේ බලයට
පත්ව සිටි ආර්යචක්රවර්තී රජු
විසින්. මෙය දඹදෙණි
මස්සෙහි අණුකරණ කාසියක්.
කාසියේ එක් පැත්තක
ගවයෙකුගේ රූපයක් ද
අනෙක් පස දඹදෙණි
මස්ස කාසියේ දක්නට
ලැබෙන සිටගෙන සිටින
මිනිස් රුවද දක්නට
ලැබෙනවා. කාසිය නිපදවා
තිබෙන්නේ තඹ වලින්.
මෙම කාසි වැඩි
වශයෙන් සොයාගෙන ඇත්තේ
නල්ලූර්, තින්නවේලි, කෝපායි, සන්දිලිප්පායි,
සුන්තූර්, නාගර්කෝවිල් සහ මාන්කුලම්
ආදී ප්‍රදේශවලින්.